සමාජ මාධ්‍ය සංග්‍රහය

  • පොදු විවෘත වේලාවන් - සඳුදා සිට සිකුරාදා පෙ.ව. 10.00 සිට ප.ව 3.00 දක්වා.
  • පූර්ව හමුවීම් නොමැත - පළමුව පැමිණ සේවය කළ පදනම.
  • සියලුම මුල් ලේඛන ඡායා පිටපත් සමඟ ඉදිරිපත් කළ යුතුය.
  • ගාස්තු - තානාපති කාර්යාලයේ මුදල් පමණි.

ඔබ පහත සඳහන් අරමුණු සඳහා ගමන් කරන්නේ නම් ඔබ ව්‍යාපාර වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතුය.

  • සම්මෙලන, වැඩමුළු සහ සමුළු
  • චිත්‍ර, සංගීතය සහ නර්තන ඉසව්වලට සහභාගීවීම
  • ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡා සඳහා සහභාගීවීම
  • ආගමික උත්සව වලට සහභාගීවීම
  • සම්මන්ත්‍රණ වලට සහභාගීවීම
  • කෙටිකාලීන පුහුණු වැඩසටහන්

ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ කාලය දින 30 ට වඩා අඩුනම්, අයදුම්කරුට හෝ ඔහු වෙනුවෙන් තෙවන පාර්ශවයකට ETA වෙබ් අඩවිය හරහා www.eta.gov.lk හරහා ETA අයදුම්පතක් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමෙන් වීසා බලපත්‍රය සඳහා අයදුම්කළ හැකිය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ කාලය දින 30 කට වඩා වැඩිනම්, අයදුම්කරුට තානාපති කාර්යාලය හරහා වීසා ලබා ගැනීම අවශ්‍ය වේ. නැතහොත් ශ්‍රී ලංකාවේ සිටින විට දීර්ඝ කිරීමක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

තානාපති කාර්යාලය හරහා වීසා ලබා ගැනීම සඳහා පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.