සමාජ මාධ්‍ය සංග්‍රහය

ශ්‍රී ලංකාව සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම

දැනට පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකාව සඳහා වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීම පිළිබඳව විමසීම් කරන අයට දැනුම් දීමට අපි කැමැත්තෙමු. ඒ අනුව, සියලුම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකා වීසා බලපත්‍ර නිකුත් කිරීම වැඩිදුර දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. වැඩි විස්තර සඳහා කරුණාකර පිවිසෙන්න: ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

එබැවින් දැනට ඇඩිස් අබාබා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශිකයන් සඳහා කිසිදු ආකාරයක ශ්‍රී ලංකා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන අයදුම්පත් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.