මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකික ජාතිකයෙකු නම් පහත සඳහන් ලියකියවිලි විදේශ කාර්යාලයෙන් සහතික කර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නීතිගත කළ යුතුය.
- මරණ සහතිකය
- මරණ පරීක්ෂකගේ සහතිකය / පශ්චාත් මරණ සහතිකය
- ආසාදනයක් නොමැති බවට සහතිකයක්
- එම්බාම් කිරීමේ සහතිකය
- වීසා තත්වය සහිත මුල් කාලීන ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය: විදේශ කාර්යාල සහතික කිරීම අදාළ නොවේ
- ගුවන් ගමන් විස්තර: විදේශ කාර්යාල සහතික කිරීම අදාළ නොවේ.
මියගිය පුද්ගලයා හිටපු ශ්‍රී ලාංකිකයෙකු නම් පහත සඳහන් ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතු අතර පහත සඳහන් ලියකියවිලි විදේශ කාර්යාලයෙන් සහතික කර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නීතිගත කළ යුතුය.
- සමීපතම ඥාතියා - අවමංගල්‍ය කටයුතු පිළිබඳ වගකීම භාර ගන්නා සහ දෙපාර්තමේන්තුවේ අනුමැතිය
- ලබා ගන්නා ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු නම් කරන්න.
- මිනිස් දේහයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කොළඹ ආගමන හා සංක්‍රමණ.
- සමීපතම ඥාතියා වෙතින් එකගත්වය පලකළ ලිපියක්.
- ගුවන් ගමන් විස්තර
- මියගිය පුද්ගලයාගේ වර්තමාන ජාතිකත්වයේ රටෙන් අනුමැතිය: විදේශ කාර්යාල සහතික කිරීම අදාළ වේ
- අවලංගු කරන ලද වත්මන් විදේශ ගමන් බලපත්‍රය: විදේශ කාර්යාල සහතික කිරීම අදාළ වේ.
- මරණ සහතිකය: විදේශ කාර්යාල සහතික කිරීම අදාළ වේ.
- මරණ පරීක්ෂකවරයාගේ ගේ සහතිකය / පශ්චාත් මරණ සහතිකය: විදේශ කාර්යාල සහතික කිරීම අදාළ වේ.
- එම්බාම් කිරීමේ සහතිකය: විදේශ කාර්යාල සහතික කිරීම අදාළ වේ
- ගාස්තු - ශ්‍රී ලංකානු ජාතික - එක් එක් ලේඛනයට ඇමරිකානු ඩොලර් 30 කි
- විදේශීය පුරවැසියා - එක් එක් ලේඛනයට ඇමරිකානු ඩොලර් 33 කි
ආදාහනයේ සුන්බුන් (අළු)
ආදාහනය කළ දේහයේ සුන්බුන් ශ්‍රී ලංකාවට ගෙන යාමට ඔබ කැමති නම්, කරුණාකර ඔබට පහත සඳහන් ලිය කියවිලි ඇති බවට සහතික වන්න.
- දේශීය මරණ සහතිකය
- ආදාහනය කිරීමේ සහතිකය
- අළු තැබීමට බලාපොරොත්තු වන අදාළ සුසාන භූමියෙන් පිළිගැනීමේ ලිපිය.
කරුණාකර සටහන් කරන්න: මරණ හා ආදාහනය පිළිබඳ සහතික ඇඩිස් අබාබා හි පිහිටි විදේශ කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය විසින් සහතික කළ යුතුය.
මෙයට අමතරව, ඔබ ගමන් කරන ගුවන් සේවය සහ ගුවන් තොටුපලවල් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පරීක්ෂා කළ යුතුය.
කෙසේ වෙතත් මිනිස් අවශේෂ නැව්ගත කිරීම පිළිබඳව රේගුව සෑහීමකට පත්විය යුතු වේ.
- ගාස්තු - ශ්‍රී ලංකානු ජාතික - එක් එක් ලේඛනයට ඇමරිකානු ඩොලර් 30 කි
- විදේශීය පුරවැසියා - එක් එක් ලේඛනය සඳහා ඇමරිකානු ඩොලර් 33 කි