සමාජ මාධ්‍ය සංග්‍රහය

ජනාධිපති අතිගරු සල්වා කීර් මයාදිත් sudan
විදේශ කටයුතු අමාත්‍ය බියට්‍රිස් වනි නොවාහ්
අගනුවර ජුබා
වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 619,745 (වර්ග සැතපුම් 239,285)
ජනගහනය මිලියන 11.1
භාෂා ඉංග්‍රීසි (නිල භාෂාව) සහ ජුබා අරාබි
නිදහස් දිනය 2011 ජුලි 09 (සුඩානයෙන්)
රජය ජනාධිපති ජනරජය
මුදල් දකුණු සුඩානියානු පවුම විනිමය අනුපාත සදහා පහත යොමුවට පිවිසෙන්න https://www.bankofsouthsudan.org/currency-operations/exchange-rates/
  • දකුණු සුඩානය 2011 ජුලි 09 වන දින ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සුඩානයෙන් වෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකාව දකුණු සුඩානය ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත්තේය.
  • ශ්‍රී ලංකාව 2013 සැප්තැම්බර් 25 වන දින දකුණු සුඩානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තේය. ඇඩිස් අබාබා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දකුණු සුඩානයට සමගාමීව ප්‍රතීතනය කර ඇති අතර නවදිල්ලියේ දකුණු සුඩාන් ජනරජයේ තානාපති කාර්යාලය සමගාමීව ශ්‍රී ලංකාවට ප්‍රතීතනය කර ඇත.
  • පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් අපනයන සහ දකුණු සුඩානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වාර්තා වී නොමැත.
  • 2007 දී මෙහෙයුම් ආරම්භ කළ දකුණු සුඩානයේ පළමු සහ එකම ශ්‍රී ලාංකික ආයෝජනය ලින්ක් හෝටල් වේ. වෙබ් අඩවිය බලන්න https://www.linkhousejuba.com/
  • දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ (UNMISS) කොටසක් ලෙස 2014 සිට ශ්‍රී ලංකාව හමුදා භටයින් යොදවා ඇත. දැනට යොදවා ඇති කණ්ඩායම් දෙක නම්:
    • දකුණු සුඩානයේ ශ්‍රී ලංකා හමුදා මට්ටමේ II රෝහල - ශ්‍රී ලංකා හමුදාව විසින් යොදවා ඇත
    • UNMISS හි ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය - ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යොදවා ඇත

දකුණු සුඩානයේ ආර්ථික දැක්ම සඳහා කරුණාකර අප්‍රිකානු සංවර්ධන බැංකු වෙබ් අඩවිය බලන්න >>>